
දියෙන් කිරි වෙන් කරල ගන්නව වගේ හොඳ දෙයින් නරක දෙය වෙන් කර ගන්නට නම් ඒ දේවල් වල සියලු පැතිකඩ (හැම පැත්තක්ම) බලන්න ඔ්න. දකින්න ඔ්න. ඒවාගේ පළල විතරක් නෙවෙයි ගැඹුරත් දකින්න ඔ්න. ඒක කරන්න බැහැ කැළඹුනු සිතකට – ආවේග වලින් පරල වුනු සිතකට. ඇලීම ගැටීම ඇතිව බලන සිතකට. ඒ හැකියාව ලැබෙන්නේ සන්සුන් සිතකට විතරයි. මාළු ආවේග වලින් කැළඹුනු සිතක් නියෝජනය කරද්දි හංසයා සන්සුන් සිතක් නියෝජනය කරනව. හංසයන්ට දියෙන් කිරි වෙන් කර ගන්නට පුළුවන් බවත් අපේ පැරණි සාහිත්‍ය කරුවා කියා තිබෙනවා. සන්සුන් බව අවශ්‍ය වෙන්නෙ හරි හැටි දකින්න ඔ්න අයට තමයි – වැරැද්දෙන් හරි දේ වෙන් කරල ගන්න අවශ්‍ය අයට තමයි ඒ සන්සුන් බව අවශ්‍ය වෙන්නෙ. මේක බුදු බණටත් සම්බන්ධයි. විපස්සනා භාවනාව වඩන්න කියන්නෙ සමථ භාවනාවෙන් පස්සෙ. සමථ භාවනාවෙන් කරන්නෙ සිත සන්සුන් කර ගන්න එක. එහෙම සන්සුන් සිතකට විතරයි ගැඹුරට සිතන්න පුළුවන් වන්නෙ. මේ කැළඹුණු පොකුනක පතුල නොපෙනෙන කතාව බුදු දහමේ එන එකක්. හැබැයි කවියෙන් කියන කතාව අපේ සාමාන්‍ය ජීවිතයට වඩාත් අදාළයි කියල තමයි මට හිතෙන්නෙ.