ආගමෙන් සුසිරිත් මිනිසුන් බිහි කළ හැකි ද?

දරුවෙකු ඉතා හොඳ චරිතයක් ඇත්තෙකු කිරීමට වහල් වන එකම උපක්‍රමය වනාහි ඔහුට ආගම ඉගැන්වීමය යනු අප රට බොහෝ දෙනා දැඩිව ගත් මතයකි. මේ මතය දැඩිව ගත්තන් වඩාත් දක්නට ලැබෙන්නේ නූගතුන් අතර නොව උගතුන් අතර ය. අප රට දරුවන්ගේ චරිතයේ නොයෙකුත් අඩුපාඩු දක්නට ලැබෙන්නේ මේ මතයෙහි එල්බගත්තන්ගේ උදාසීනත්වය නිසා යයි සිතමි (සිංහල ලකුණ, පිටු 152, මාර්ටින් වික්‍රමසිංහ)

එසේ තම “ආගම කවචයක් නොවේ” යන පරිච්ඡේදය අරඹන වික්‍රමසිංහයන් ඊළගට මෙසේ ද කියයි.

“බෞද්ධයන් දුසිරිත් හා සුසිරිත් විනිශ්චය කරනු සඳහා වහල් කොට ගන්නා මිනුම ක්‍රිස්තියානීන්ගේ මිනුමට වෙනස් වෙයි. ඔවුන් දෙගොල්ලන්ගේම මිනුම් මුස්ලිම් කාරයාගේ මිනුමට වෙනස් වෙයි. හින්දූන්ගේ මිනුම් ඇතැම් විට බෞද්ධයන්ගේ මිනුමට සමාන වුව ද බොහෝ විට වෙනස් වෙයි.

දුසිරිත් සුසිරිත් විනිශ්චය කරනු පිණිස වහල් කොට ගන්නා මිනුම් ඒ ඒ ආගම් අදහන්නන් අතර පමණක් නොව එකම ආගම් අදහන්නන් අතර ද වෙනස් වන බව මෙයින් හෙළි වෙයි මිනුම් එකම ජනතාවක් අතර වුව ද කලින් කල වෙනස් වෙයි. වෙනස් නොවන මිනුමක් නොලැබිය හැකි කල හොඳ හා නරක මිනිසුන් විනිශ්චය කිරීමේදී  බොහෝ දෙනා ඔවුනොවුන්ගේ අදහස් උදහස්වල ද අචීර්ණ කල්පික සිරිත්වල ද අවිචාර මතයන්හි ද එල්බගන්නා බව කිවමනා නොවේ”.

ඔහු එසේ කලින් කලට නිර්ණායක වෙනස් වීම ගැන උදාහරණ ද දෙයි.

“පස් හැවිරිදි දරුවෙකු වුව ද ගෙදරදී සෙළුවෙන් ඇවිදීම අසභ්‍ය චාරිත්‍රයක් ලෙස මීට අවුරුදු තිහ-හතළිහකට පෙර ගම්බද ජනයා නොසැලකූහ. බිරිඳ සැමියා ඉදිරියේ සම අසුනෙහි හිඳගැනීම, මීට පෙර ගම්බද ජනයා සැලකුවේ කුල ධර්ම දූෂණයක් ලෙස ය.”

එවැනි වටපිටාවක ආගම හැඩ ගස්වන්නේ විවිධ චරිත බැවින් ද ඒවා පවා කාලයත් සමග වෙනස් වන බැවින් ද ආගම ඉගැන්වීමෙන් සුසිරිත් චරිතයක් ඇති වෙනවා යැයි කීමෙන් අදහස් කරන්නේ කුමන සුචරිතය දැයි ඔහු අනියමින් අපෙන් ප්‍රශ්න කරයි.

ඔහු සඳහන් නොකළේ වුව ද අප බොහෝ දෙන දන්නා තව කරුණක් වෙයි. ඒ එක් එක් භික්ෂූන් වහන්සේලා සුසිරිත ලෙස දකින දෑ ද එකිනෙකට වෙනස් වන බව ය. බෞද්ධාගමේ පමණක් නොව වෙනත් ආගම්වල ද එය එසේ ම බව ය. එකම ආගමක වුව ද විවිධ භේද ඇති බව ය. නිකායවල් ඇති බව ය. ගුරුකුල ඇති බව ය. ඒවා අනුව ආගමික ඉගැන්වීම් වලට දෙන අර්ථකථනයන් ද වෙනස් වන බව ය.

ඒ නිසා ම චරිතයන් හැඩ ගැස්වීම ආගම් වලට බාර දී සිටියොත් එවැනි රටකට අබසරණ ය.

අද අවශ්‍ය වන්නේ සුචරිතය කුමක් ද යන්න පිළිබඳ සංවාදයන් ය. ඒ අපට වඩා පළල් ඒකමතිත්වයක් ළඟා කර ගැනීමේ අපේක්ෂාවෙනි. සුචරිතය මේ යැයි කාලානුරූප ව අර්ථ දැක්විය හැකි විචාර බුද්ධියක් දරුවන්ට ලබා දීමෙන් පමණක් ඔවුන් සුදුසු චරිත ඇත්තන් බවට පත් කළ හැකි ය. ඒකමතිත්වයක් ළඟා කර ගනු වස් කරන සංවාදයන්ගෙන් දරුවන්ගේ අවශ්‍ය විචාරශීලී භාවය ද වැඩි දියුණු කළ හැකි වනු ඇත.

 

ආගමත් සම්ප්‍රදායික විශ්වාසත් සමග ඇති මගේ ඔරොප්පුව

Sand dunes and Mosques – another side of the UAE ...

ආගමත් සම්ප්‍රදායික විශ්වාසත් සමග මගේ ඇති ඔරොප්පුව කුමක් දැයි බොහෝ දෙනා මගෙන් අසති. සමහරු කිසිදු ප්‍රශ්නයක් නොනගාම කියන්නේ පරණ ඇරියස් එකක් කවර් කර ගන්නට හදන බව ය. මේ උත්තර ඒ දෙගොල්ලන්ට ම ය.

මේ විශ්වාසයන් බොහෝමයක් මිනිසුන්ට දුක් කරදර ගෙන දීම විරුද්ධත්වයට ප්‍රධාන හේතුවකි. මේවා තනි තනිවත් එකමුතුවීත් මිනිසුන්ට කරදර කරන අවස්ථා අනන්ත ය. පහත දක්වා ඇත්තේ එයින් ස්වල්පයකි.

හතර කේන්දරේ පාලුය කියා දරුවන් මහණ කරන විට ද දෙමාපියන්ට අපල යැයි කියා දරුවන් විවිධ ආකාරයෙන් පවුලෙන් වෙන් කරන විට ද සතර වරිගය සසරෙන් එතෙර කරන්නට කුඩා ළමුන් බිල්ලට දෙන විට ද මට ඇති වන්නේ අපුලකි.

අහවල් දේපල තබා ගැනීමෙන් සිදු වන්නේ අයහපතක් යැයි සාස්තරයකට කී නිසා තමන්ට සරණ වූ දේපල විකුණන්නට නියම කරන විට ද තියෙන තුට්ටු දෙක වියදම් කරමින් පූජා පවත්වන්නට තොවිල්පවිල් කරන්නට නියම කරමින් අසරණ මිනිසුන්ගේ සාක්කුවට විදින විට ද මට ඇති වන්නේ සමාන අපුලකි.

නිරුවත දැකීමෙන් පව් සිදු වේ යැයි ද දරුවන් වැදීමට මිසක වෙනත් අරමුණකින් ලිංගික සේවනයේ නොයෙදිය යුතු යැයි ද කියමින් ස්වභාවික ලිංගික ආසාවන් විඳීමට මිනිසුන්ට ඇති අවකාශයන්ට වැට බඳින විට ඇති වන්නේ සංවේගයකි.

ජීවිතයම දුකක් යැයි කියමින් ද නැති සංසාරයකින් එතෙර වන්නට වහ වහා කටයුතු කළ යුතු යැයි කියමින් ද තරුණ තරුණියන්ගේ ජීවිත ශාසනයට ගැට ගැසීම ගැන ඇති වන්නේ ද සමාන සංවේගයකි.  

ආගමෙන් අවසර දී ඇතැයි කියමින් නොදරුවන් ඔවුන්ගේ මනාපය නොවිමසා වයසක මිනිසුන්ට පාවා දීමට ඉඩ කඩ සළසා ගන්නා විට ද ගැහැණු දරුවන් සුන්නත් කරමින් ඔවුන්ට ලිංගික තෘප්තිය ලබා ගැනීමේ ඉඩ අවුරන විට ද මට ඇති වන්නේ කෝපයකි.

කේන්දරේ ඇතැයි කියන ග්‍රහයෙක් නිසා කසාද බැඳීමට නොහැකි ව තනි මංසලේ ජීවිතය ගෙවන්නට බල කෙරුණු තරුණ තරුණියන් දකින විට ද මට ඇති වන්නේ සමාන කෝපයකි.

නැති ප්‍රේත ලෝක හා අපායවල් මවමින් ඊළග භවයක දී එවන් ආත්මයක් ලැබේය යන බියෙන් වයසක අම්මලා හා තාත්තලා නින්ද නොයන ගණනට මුසපත් කරමින් ඊනියා දාන මාන හරහා ඔවුන්ට විමුක්තිය ලබන්නට ඊනියා ගුරුහරුකම් දෙමින් ඔවුන්ගෙන් ලාභ ලබන ආගමික ආයතන හා පූජකයන් ගැන ද මට ඇති වන්නේ කෝපයකි.

මෙයින් අදහස් කරන්නේ ආගම් මුළුමණින් ඉවත දැමිය යුතු බව ද නොවේ. මා නොයෙක් වර කියා ඇති පරිදිම ඇතැම් ආගම් වල ඇතැම් ඉගැන්වීම් අපට අපේ ජීවිතය වඩා ප්‍රඥා ගෝචරව ගත කිරීමට උදව් වන්නේ ය. ඒ ගැන මා කවරෙක් ද යන්න සටහින් ලියා ඇති නිසා නැවත ලියන්නේ නැත.

අප සූදානම් විය යුත්තේ දියෙන් කිරි වෙන් කර ගන්නට ය. ආගම් අවිචාරයෙන් නොව විචාරයෙන් පමණක් බාර ගැනීමට ය. මගේ උත්සහයන්ගේ ඉලක්කය එය ය. එය වෙනත් ආකාරයකට කාට හෝ පෙනී ගියේ නම් වැරැද්ද මගේ නොවන්නේ ය.  

මැදුර සවිමත් කළ අත්තිවාරම් ඇත සිව්කොණේ

Churches cost US taxpayers $71 billion each year | Matthew

ආගම නැමැති මන්දිරය, විද්‍යාව විසින් වරින් වර එල්ල කරන ලද කුළු ගෙඩි පහරවලින් දෙදරී තිබේ. පැලුම් සහිතව වුව ද තවමත් එය විරාජමානව බැබලෙන බව ද සඳහන් කළ යුතු ය. ඒ ආශ්චර්යයට හේතුව මේ සටහනින් ඉදිරිපත් කිරීමට අපේක්ෂිත ය.

ප්‍රධාන හේතුව මන්දිරයේ අත්තිවාරම් සවිශක්තියෙන් යුක්ත වීම ය. ඉන් පළමුවැන්න පසුබිමෙහි ඇත්තේ මිනිස් ස්වභාවය ය. පැවැත්ම ගැන පමණක් උනන්දු වන සතුන්ට එහා යන මිනිස් ස්වභාවය ය. ඒ නිසා ම සතුන්ට නොනැගෙන ප්‍රශ්න ගණනාවක් අපේ මනසෙහි මතුවෙයි. අප කවුද? ආවේ කොහෙන් ද? අපේ ජීවිතයේ පරමාර්ථය කුමක් ද? මරණින් පසු අප යන්නේ කොතැනට ද? ආදී වශයෙන් ඒ ප්‍රශ්න අපට ලයිස්තු ගත කළ හැකි ය.

පළමු ප්‍රශ්නයට හැම ආගමකින්ම පාහේ ලැබෙන්නේ එකම උත්තරයකි. අප සතුන්ට වඩා වෙනස් උස් වූ මනසකින් යුත් බව ය. ලබා ගෙන ඇති මේ භවය සතුන්ට සන්සන්දනාත්මක ව වරප්‍රසාදයක් බව ය. දෙවැන්නට විවිධ ආගම් වලින් විවිධ උත්තර පිරිනමා තිබේ. එක් මතයකට අනුව අප දෙවියන්ගේ නිර්මාණයකි. තවත් මතයකට අනුව අප පැමිණ ඇත්තේ පෙර භවයකින් චුත වීමෙනි. පරමාර්ථය කුමක් ද යන ප්‍රශ්නයට එක් ආගමක උත්තරය දෙවියන්ගේ පරීක්ෂණයෙන් සමත් වීම ය. තවත් ආගමකට අනුව උත්තරය සංසාරයෙන් එතෙර වීම ය. මරණින් පසු අප යන්නේ කොතැනට ද යන ප්‍රශ්නයට එක ආගමක උත්තරය අපාය හෝ දිව්‍ය ලෝකය වන විට තව ආගමක ඒ ලෝක දෙකට අමතරව සත්ත්ව ප්‍රේත බ්‍රහ්ම හා මිනිස් යන ඕනෑම ලෝකයක උත්පත්තිය ලැබිය හැකි ය. උත්තර විවිධ වුව ද වඩා වැදගත් වන්නේ හැම ආගමක්ම මේ සියල්ලට උත්තර දී තිබීම ය.

දෙවැනි අත්තිවාරම පසුබිමෙහි ඇත්තේ අප තුළ ඇති අසරණ භාවය ය. අපට ලෙඩ රෝග සෑදේ. ඒ හැම ලෙඩ රෝගයකටම උත්තර විද්‍යාවේ නැත. අප හදිසි අනතුරු වලට ලක්වේ. ඒවා ගැන අපට කළ හැකි දෙයක් නැත. අප අපේක්ෂා කරන දේ අපට නොලැබ යයි. එය ලබා ගැනීම සම්බන්ධයෙන් ඇතැම් විට අපට කළ හැකි දේ අල්ප ය. මේ සියල්ලට බොහෝ ආගම් වල උත්තර තිබේ. එක් ආගමක් අපට දෙවියන්ට යාඥා කරන ලෙස උපදෙස් දෙන අතර තව ආගමක් දෙවියන්ට පඩුරු පාක්කුඩම් පිළිගන්වන ලෙස උපදෙස් දෙනු ලැබේ. මේ සියල්ලෙන් ගැලවුම් කරුවෙක් අපට පහළ කර දෙනු ලැබේ. අප ඔහු / ඇය විශ්වාස කළ යුතු ය. එසේ දැඩිව විශ්වාස කරන අයට පමණක් සරණ පමණක් නොව සැනසුම ද ලැබෙනු ඇත. මිහිඳු හිමියන් ගස් ගල් වඳිමින් සරණ ඉල්ලා සිටි අප වෙත සිරිමා බෝධිය ද දාගැබ් ද ප්‍රධානය කළේ ඒ නිසා ය.

තෙවැනි අත්තිවාරම පසුබිමෙහි ඇත්තේ බිය ය. අප කිසිවෙකු විසින් මරා දමනු ලැබේ ය, කොල්ලකනු ලැබේ ය, අපේ ඇඹේනියන් දරු දැරියන් පහරගනු ලැබේ ය, වංචාකරනු ලැබේ ය, බීගත් වනචරයෙකු විසින් විනාශ කරනු ලැබේ ය යන බිය ය.  එක් ආගමක් විසින් ඒ සඳහා පන්සිල් පනවනු ලබන විට තව ආගමක් එයට දස පනත යෝජනා කරන්නේ ය. සැවොම එය පිළිගන්නේ නම් අපට යහතින් ජීවත් විය හැකි ය. බියෙන් තොරව ජීවත් විය හැකි ය. අප හොරෙන් මේ සිල් උල්ලංඝනය කළේ වුව ද එය රහසිගතව කරන තාක් සෙසු අය එයින් ආදර්ශයක් නොගනු ඇතැයි යන හැගීම ද මෙහි තිබේ. ඒ නිසා ම බොහෝ දෙනෙකුට තමන් ආගමික වීමෙන් පමණක් සැනසීමක් ලැබිය නොහැකි ය. සෙසු අය ද එසේ විය යුතු ය.

සිව්වෙනි අත්තිවාරම පසුබිමෙහි ඇත්තේ තනි පුද්ගලයන් ලෙස අපට තිබෙන දුර්වලකම ය. අප කණ්ඩායමක් ලෙස ජීවත් වීම හරහා ඒ නිසා ශක්තිය ලබා ගත යුතුය යන හැගීම ය. එසේ ගොනු ගත වූ විට යම් යම් දේ ලබා ගැනීමට ද නැතිවිය හැකි දේ ආරක්ෂා කර ගැනීමට ද හැකි ය. ඒ නිසා එකම ආගමක් පිලිගන්නා අයට ඒ ආගමික ධජය යටතේ කණ්ඩායමක් ලෙස සංවිධානය විය හැකි වීම ය. රාජ්‍යය ගොඩ නැගීම සඳහා ආගම ආධාරකයක් වන්නේ ඒ ලෙස ය. දන්ත ධාතූන් වහන්සේ අයිති තැනැත්තාට ලංකාවේ රාජ්‍ය බලය ලැබෙන්නේ ඒ නිසා ය.  

මේ අත්තිවාරම් හතර පදනම් කර ගත් මේ මන්දිරය ආකර්ෂණීය ය. විශාල ය. පොහොසත් ය. බලවත් ය. මේ යෝධ නිර්මාණය ඉදිරියේ අප කුරා කුහුඹින් වෙමු. අගුටු මිට්ටන් වෙමු. කුදු වෙමු. එක් මන්දිරයක් අනෙත් මන්දිරයෙන් සපුරා වෙනස් ය. “අපේ” මන්දිරය ඒ සියල්ල අභිබවයි. එයින් විදහා දක්වන කතන්දරය අන් සියලු කතන්දර පරයා අපේ විශ්වාසය දිනා ගනී.

Four foundations of Religion

Though there had been cracks generated in the fortress of religion, by the assaults of science, it still persist, because of its strong foundation. This article discusses the origins of those foundations.

Background to the first foundation emanates from nature of humans. It goes beyond mere existence need found in animals. Hence we humans have questions that will not emerge in the minds of other animals. Who are we? From where did we come? What is the purpose of our life? What will happen after our death?

Answer to the first question is that we are special, compared to the animals and also privileged. This is shared by almost all religions. For the second question, different religions give different answers. According to one, we are creations of god and according to another we are emerged from our previous birth, after death. For the question of purpose of life, one religion says that it is to past the test of the god and another says that we should try to emancipate from the chakra (circle) of rebirth. For the question of afterlife one says that we will be going to hell or the heaven based on our “exam” results, while others says we will have far wider options such as reborn as a human or reborn in to other different worlds like (“Pretha”, “Brahma”) in addition to hell and heaven, again on a similar test.  Though answers are different important thing is that every religion has given answers to these most important questions.

Helplessness in us has supplied raw materials for the second foundation. We get sick. Medical science does not have medicine for every illness. In addition we meet with accidents and there is no way that we can learn about all those in advance, though science has provided prior warning systems in some, and therefore unable to be prepared to avoid, all such accidents. We also have expectations we unable to realize. However religion has answers, for all. One religion advocate praying, another to pay homage to the gods and others provides a means of giving them “bribes”.  There is salvation and there is a savior. You need to believe in the savior. The more you believe, there is more probability that your prayers would be heard. For this reason Rev Mahinda thera gave Sri Lankans, who were at the time believing that tress and stones would help them, with close equivalents such as Bodhi tree and Stupa.

Our fears provide raw materials to the third foundation; the fear that somebody might kill you and your close others; the fear that somebody will steal your hard earned properties; the fear that someone will rape your wife/daughter/child; the fear that someone will lie and cheat you; the fear that some drunkard will do nasty things to you and your family. When one religion adopt five precepts to prevent such, another advocate ten commandments. If everyone believes either the five or the ten we will be better off and we will be able to life without fear. That is why people who at times violate one or the other do it on a sly, not to be known by any other, so that one will be not setting a bad example, for the rest. This is one reason why people will not be happy by just following the religion but want others to do the same.

We are weak as individuals and this weak individual provide raw materials to the fourth foundation. As we are weak as individuals we need to organize in groups. By that we will be able to get much more than we can individually achieve and we can protect much more than an individual of capable. Religion provide an appealing platform to organize very large groups that shares the same religion. Hence religion always co-existed with the rulers of a country. In Sri Lanka, for the same reason, the person who has the custody of the Tooth relic was able to rule the country.

The mansion, build on these four foundations, is very attractive, large, rich and powerful. In the presence of this colossal creation, we become small, worthless and weak. But in its shelter we are everything and all powerful. Though each mansion is different to one another they are all beautiful and strong. But our one is always better and convincing than any other.