එහෙම වුනා නම් අපට කෝච්චියක් ද නැත

UP3985STM

මේ අපේ ඉතිහාසයෙන් බිඳකි.

“කොළඹ නුවර දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා යෝග්‍ය බිම් සළකුණු කරනු පිණිස 1846 දී මිනිස්සු කණ්ඩායමක් “මිණුම් උපකරණ“ රැගෙන අලගල්ල අවට ප්‍රදේශය ගවේෂණය කළහ. වැඩපිළිවෙල ආරම්භ වූ නමුත් ඊට එරෙහිව නොයෙක් විරෝධතා නැඟෙන්නට විය. දුම්රිය මාර්ගයක් ඉදි කෙරුණු විට දහස් ගණනකට, විශේෂයෙන්ම කරත්ත කරුවන්ගේ හා කරින් බඩු අදින්නන්ගේ රැකියා නැති වෙතැයි බොහෝ දෙනා කිහ. තමන් දුක සේ හරිහම්බ කර ගන්නා දේ වඩාත් ප්‍රබල ප්‍රවාහන මාධ්‍යයක් නිසා අහිමි වනු දකින්නට එදා මේ මාර්ගයේ නොයෙක් අයුරින් භාණ්ඩ ප්‍රවාහනයෙහි යෙදුණු පිරිස කැමති නොවූහ. දුම්රිය මාර්ගය අද්දර දේපලවල වටිනාකම අඩු වෙතැයි බියක් ද හට ගත් අතර මහත්තුරුන්ගේ වතුවල හුදෙකලා බ වැනසී යනු ඇතැයි ඇතැමෙක් කීහ. අශ්වයන් බෝකිරීමේ කටයුතු නතර වනු ඇතැයි ඇතැමෙකුගෙන් බිය පල වූ අතර, තමන්ගේ කුඩා ලෝකය තුළ කුරිරි පාලකයෙකු බවට පත් වන දුම්රිය සමාගම, පොදු ජනතාවගේ සුභ සිද්ධිය සමාගමේ කොටස් හිමියන්  අතට පත් කරනු ඇතැයි සමහරු කීහ. “

ඉහත ඡේදය උපුටා ගනු ලැබුවේ ඩබ්ලිව් ටී කීබල් විසින් රචිත ප්‍රේමචන්ද්‍ර අල්විස් විසින් පරිවර්තනය කර සූරිය ප්‍රකාශකයන් විසින් ප්‍රකාශයට පත් කෙරුණු පුරුදු පාර නම් ග්‍රන්ථයෙනි.

මේ අප නිතර අසන, අදටත් ඇසෙන, විරෝධකරුවන් ඉදිරිපත් කරන කාරණා ය. ඒ ඉතිහාසය අදට ද වෙනස් වී නැත.

වෙනස් වී අැත්තේ ඒ විරෝධතා හමුවේ පාලකයන්ගේ ප්‍රතිචාර පමණ ය. අකුලා ගැනීමේ කතාව පමණ ය.

එහෙත් එදා ඒ සියලු විරුද්ධතා මැද දුම්රිය පාර ඉදි වුනේ ය. එසේ නොවන්නට අපට සුද්දාගෙන් උරුම වන්නට නියමිත අතිවිශාල බූදලය අහිමිව යනු ඇත්තේ ය.

 

Advertisements

2 thoughts on “එහෙම වුනා නම් අපට කෝච්චියක් ද නැත

    • නොදී ගන්නට බැරි ය. හැම ගනුදෙනුවක ම දෙපැත්තට යම් වාසියක් ලැබෙන්නේ ය. ලැබිය යුත්තේ ය. වැඩි දෙනෙක් කැමති නොදී ගන්නට ය. අපට කෙළ වී ඇත්තේ ද ඒ නිසා ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s