සිනා නොමසෙන් දසන් දක්වා
කපපිය පනාව දත් තිස් දෙකම පෙන්නගෙන විලිසංගෙ නැතිව
ඇඳපිය සායෙයි හැට්ටෙයි
සාය දණ ඉහෙන් පහලට වැටෙන්න
ඉස්සර ඉංගිරිසි කතා කරන අය විතරක් ඇන්ද කලිසම
දැන් පිරිමි විතරක් අඳින කලිසම
දාපන් කුණු කූඩෙට
තොපි ගෑණු
සායෙ හැට්ටෙ නැත්නම් ගනින් සල්ලි දිල
තොපිට හොඳ වැඩේ ඒව විසිකරල කලිසම් ඇඳගත්තට
හිටපියව් ජේෂ්ඨ උත්තමයන්ට දනින් වැටිල
උඹල ඉස්සරත් හිටියෙ එහෙම නෙ
ඉස්සරහට කියල වෙනසක් වෙන්නෙ නෑ
පරම්පරා ගානක් ගියත් මේක අර පරණ රටමයි
එක තැන ලගින
තොපිත් එහෙමයි – අපිත් එහෙමයි – රටම එහෙමයි
අවුරුද්දකට ගොළු වෙයල්ල
තොපේ සිරුරට අපේ මොළේ සවි කර ගනිල්ලා
මෙහෙ අපි හිතන කොට එහෙ උඹලගෙ ඇඟ වැඩ කරයි
කොහොමත් ඉතින් එහෙම නෙ
ඒකත් විශ්වාස කරා ගොන් හරක්
මොළයක් කවද්ද බං උඹල අපි පාවිච්චි කරෙ?
අනුන්ගේ මොළ මිසක්!
උඹලගෙයි අපෙයි එකම වෙනස අපි කතා කරනව අනුන්ගෙ මොළෙන්
උඹල ඒව සාවධානව අහගෙන ඉන්නව
ඒ අනුව වැඩ කරනව
නැත්නම් ඉතින් අපිත් උඹල වගේමයි
කට අපේ වුනාට මොළේ වෙන කාගෙවත්