හරක්

උන් කොච්චරවත්ම කන්නේ තණකොළ ය. මොන රහකටදැයි අපට හිතෙතත් උන්ගේ ප්‍රධාන ආහාරය තණකොළ ය.

ගොන් මිනිසුන්ට කියන්නේ හරක් කියලා ය. ඇත්තටම ගොන් කියන්නේ ද හරකුන්ට ය. ඒ ගොන් යන්න ගොන්නු/ගොනුන් යන්නෙන් බිඳී ආවකි.

සම-හරක් මිනිසුන් හරක් සම වගේ ය. කොච්චර තැලුවත් ලස්සන සද්දයක් දෙනව මිසක් අාඩපාලි කියන්නේ නැත. එහෙම අයට පිදුරු තෑගි ලෙස යවා නිග්‍රහ කරන්නට සමහරක් දෙනා පෙළඹී සිටිති.

ගහෙන් වැටුණ මිනිසාට අනින්න බලා ඉන්නේ ගොනුන් ය. ඒ කියන්නේ හරක් ය. උන් නම් ඇත්තටම හරක් ය.

හරකෙකු වගේ ජීවත් විය හැකි නම් කරදර අඩු ය. තියෙන්නේ කාල බීල තමන්ගෙ පාඩුවේ ඉන්න එක ය. මද කිපුනහම එය නිමාගන්නවා ඇරෙන්නට කුලප්පු වෙන්නට වෙන ඕනෑ කමක් ද එවිට ඇතිවන්නේ නැත.

අන්දරේට හරකෙක් වගේ ඉන්න යයි අන්දරේගේ අම්මාගෙන් අවවාද ලැබූ විට අන්දරේ කළේ බොහෝ හරක් මෙන් කරබා ගෙන ඉන්න එක නොවේ. කුලප්පු වූ හරකෙකුගේ භූමිකාවට ඇතුලු වීම ය. අම්මා නම් අදහස් කළේ බහුතරයක් හරක් මෙන් කරබා ගෙන ඉඳීවි කියා ය.

අන්දරේගේ කතාව අපට මතක් කරන්නේ අලි ගානට නැතත් කුලප්පු වන හරක් ද හදිසියේ සිටිය හැකි බව ය. ඒ උන් ප්‍රකෝප කරොත් ය. නැතිනම් බය කරොත් ය.

කීකරු හරකෙක් පවා අනවශ්‍ය විදිහට තරහ නොගැස්සීමට හරකුන් පාලනය කරන අය වග බලා ගත යුතු ය.

සමහරක් හරක්ට ආදරේ ය. කොටින්ම මිනිසුන්ටත් වඩා ආදරේ ය. මිනිසුන්ට ගැහැව්වාට මැරුවාට උණුවන්නේ නැති උන්ගේ හදවත් හරක් වෙනුවෙන් වැක්කෙරෙන්නේ ය. එහෙම බලා ගෙන ගියහම හරකෙකු වෙන එක හොඳ ය.

මේක ගැන කළ සාකච්ඡාවක් අවසන් වූයේ මේක හරකුන්ට ගිය රටක් කියා කියමින් ය.

බැලුවහම ඒකත් ඇත්ත ය. රට ගිහින් ඇත්තේ හරකුන්ට ය. ඒ නිසා කරන්නට ඇති හොඳම දෙය කවුරු කවුරුත් හරකුන් වෙන එක ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s